Saturday, July 21, 2012

සත්තු වත්තේ කකුල් දෙකේ සත්තු..

ඉතින් යාළුවනේ මේ කියන්න යන්නේනම් සත්‍යම සත්‍ය සිදුවීමක්. අපේ අම්මාගේ මොන්ටසෝරියේ හැම අවුරැද්දෙම වගේම මේ අවුරැද්දෙත් ඔන්න් පොඩි එවුන් ටික අරගෙන අපි ගියා සත්තු වත්ත බලන්න. ගියේ ජූලි 14  වෙනි සෙනසුරාදා. අපි ඉතින් හැම තැනම ගිහින් දහවල් 2 ට විතර යන්තම් සත්තු වත්ත ලගට ලගා වුනා. දන්නවනේ එතන ටිකට් ගන්න තියෙන පෝලිම අ‍‍ෆෝ එපා වෙනවා. ඉතින් අපි ළමයිනුයි ළමයින්ගේ අම්මලයි තාත්තලයි එක්ක එතනට ගියා. ‍මුරට දාලා කට්ටියක් පොලිස් වගේ තමයි එයාලගේ ඇදුම ඒ වුනාට පොලිස් නෙමේ එයාලා සත්තු වත්තටම අදාල අය වෙන්න ඕන ඔතන හිටියා එහෙම අය 4 ක් විතර එයාලා ලොකු ගේට්ටුව ලග තමා හිටියේ එහා පැත්තේ තමයි ටිකට් කවුන්ටරය තියෙන්නේ ඔයාලා දන්වා ඇතිනේ..


 ඉතින් ඔතන හිටපු එක නිළධාරියෙක් අම්මා ලගට ඇවිල්ලා ඇහැව්වා ටීච ඔක්කොම කී දෙනෙක් ඉන්නවද කියලා.. අපේ ඔක්කොම හිටියා ළමයි ඇරෙන්න 38 විතර ළමයින්ට රු20 ලොකු අයට රු 100 ළමයි හිටියා 20 විතර ඉතින් ඔක්කොටම රැපියල් 4000ක් විතරනේ එයා කිවුවා ඔයාලා පෝලි‍මේ ඉන්න ඕන නෑ සල්ලි ටික එකු කරලා එයාලට රැපියල් 3000ක් දෙන්න ඉතිරි ටික ඔයාලා මොනවාහරි කරගන්න කියලා.. අපි එතකොටත් කට්ටියගෙන් රැපියල් 3000ක් විතර එකතු කරලා තිබුනේ ටික දෙනෙක් දීලත් නෑ පරක්කු වුන හිනන්දා අර නිළදාරියා ඇවිත් ඇහැව්වා තාම නැද්ද කියලා කීයද තියෙන්නේ කියලා අම්මා කිව්වා තියෙන්නේ 3000ක් කියලා ඊට පස්සේ එයාලා හදිස්සියේ හරි අපිට දෙන්‍නකෝ 2000ක් කියලා බලෙන් වගේ අරගෙන ඒක අනෙත් නිළධාරියාට දුන්නා ඊට පස්සේ අපිව ටිකට් නැතුවම ඇතුලට දැම්මා මටනම් බයකුත් දැනුනා හදිසියේ හරි ටිකට් චෙක් කරොත් එහෙම අනාතයිනේ. ඉතින් මේ හොරැ ටික දවසකට කීයක් මෙහෙම හොරාට ගන්නවා ඇතිද? සත්තු වත්තට මම හිතන්නේ දවසකට බර ගානක් වියදම යනවා. මේ අයට පඩියකුත් දෙනවා ඇතිනේ.. කවුරැ වුනත් මෙහෙම ගොඩක් කට්ටියක් එක්ක යද්දි පෝලිමේ ඉන්න බැරි කමට මේ වැඩේට කැමති වෙනව්.. අනික ලොකු ටීචට ගානකුත් අතට එනවනන් ඒත් මෙයාලා මේ ගන්න සල්ලි හරියාවිද?  මෙයාලා මේ කරන්නේ ඇත්තටම වංචාවක් නේද? ඇතුලේ ඉන්න සත්තුන්ට වඩා සත්තු මෙයාලා කියලයි මට හිතෙන්නේ... ඔයාලට

9 comments:

  1. සත්තු වත්තෙත් ඔහොම සීන් වෙනවා කියලා මම් අදමයි ඇහුවේ. බලාගෙනගියහම කොතනත් රජ කරන්නේ වංචාව නෙව !!!
    ඔන්න දරුවෝ ටික එක්කන් එන්ඩ කලින් අපට කිව්වා නම් ටිකට් අරන් තියෙනවා. අපි වැඩකරන තැන ඉදලා හෝල්ට් කීපයයි තියෙන්නේ සත්තු වත්තට !!!! හික්ස් :)

    ReplyDelete
  2. අපිත් හැම අවුරැද්දේම යනවා ඒත් මේ සැරේ තමා ඔය දේ වුනේ... ලගදිම සත්තු වත්ත වහන්න වෙයිද?????

    ReplyDelete
  3. මධුරංග
    ඊලග පාර ඔයාට කියන්නම් අපිට ඔයා ගානේ ටිකට් ටික අරන් දෙන්නකෝ

    ReplyDelete
  4. පලවෙනි රිප්ලයි එකට...
    වහන්න වෙයි වගේ මෙහෙම ගියොත්.. මොකද රුපියල් සියයක ටිකට් එකක් ගන්න වෙන්නේ සත්තුන්ගේ නඩත්තුවට නේ. කොටින්ම මස් මාංශ ආහාරයට ගන්න සත්තුන්ට දවසගානේ මස් කන්න දෙන්න එපැයි. එවුන්ට කොල ජාති කන්න දෙන්න කියලා යෑ..

    දෙවෙනි රිප්ලයි එකට..
    හා.. ආවම සල්ලි ඉල්ල ගන්න බැරුව යෑ. නේද ඩොටේ ??

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සත්තු වත්තේ පාලනය කරන අයට ඕක දැනෙනනේ නැද්ද දන්නේනෑ....

      හරි හරි සල්ලි ටික එකතු කරලා දෙන්නම්කො..

      Delete
  5. ඩොට් !!! ඔයා සින්ඩි වලට ඇප්ලයි කලේ නැද්ද ? ඇප්ලයි කලා නම් රීඩර්ස්ලා ගොඩක් හදාගන්න තිබ්බා.

    ReplyDelete
  6. අපරාදේ ඒ වෙලාවේ උසස් නිලධාරියෙකුට කියන්නයි ති‍බ්බේ.... ඔබ බ්ලොග් අඩවිය සින්ඩි වලට ඉක්මනින්ම දාන්න...

    ReplyDelete
  7. මේ වැඩේ උසස් නිළධාරීන්ට යන්නනම් එයාලටම සැක හිතිලා සල්ලි වලට මොකද වෙන්නේ කියලා බලන්න් වෙනවා. ඒ ඇරෙන්න කවදාවත් මොන්ටිසෝරි වල ටීචර්ස්ලා වත් කවුරැත් කියන්නේනම් නැතිවෙයි මොකද එයාලටත් වාසීනේ... අනික පෝලිම් වල ඉදලා දුක් විදින්න ඕනත් නෑ නේ...

    ReplyDelete
  8. ඔබේ අඩවියත් අපේ සිංඩිකේටරයට ඇතුලු කරන්න http://nimnaya.info/

    ReplyDelete