Saturday, July 21, 2012

සත්තු වත්තේ කකුල් දෙකේ සත්තු..

ඉතින් යාළුවනේ මේ කියන්න යන්නේනම් සත්‍යම සත්‍ය සිදුවීමක්. අපේ අම්මාගේ මොන්ටසෝරියේ හැම අවුරැද්දෙම වගේම මේ අවුරැද්දෙත් ඔන්න් පොඩි එවුන් ටික අරගෙන අපි ගියා සත්තු වත්ත බලන්න. ගියේ ජූලි 14  වෙනි සෙනසුරාදා. අපි ඉතින් හැම තැනම ගිහින් දහවල් 2 ට විතර යන්තම් සත්තු වත්ත ලගට ලගා වුනා. දන්නවනේ එතන ටිකට් ගන්න තියෙන පෝලිම අ‍‍ෆෝ එපා වෙනවා. ඉතින් අපි ළමයිනුයි ළමයින්ගේ අම්මලයි තාත්තලයි එක්ක එතනට ගියා. ‍මුරට දාලා කට්ටියක් පොලිස් වගේ තමයි එයාලගේ ඇදුම ඒ වුනාට පොලිස් නෙමේ එයාලා සත්තු වත්තටම අදාල අය වෙන්න ඕන ඔතන හිටියා එහෙම අය 4 ක් විතර එයාලා ලොකු ගේට්ටුව ලග තමා හිටියේ එහා පැත්තේ තමයි ටිකට් කවුන්ටරය තියෙන්නේ ඔයාලා දන්වා ඇතිනේ..


 ඉතින් ඔතන හිටපු එක නිළධාරියෙක් අම්මා ලගට ඇවිල්ලා ඇහැව්වා ටීච ඔක්කොම කී දෙනෙක් ඉන්නවද කියලා.. අපේ ඔක්කොම හිටියා ළමයි ඇරෙන්න 38 විතර ළමයින්ට රු20 ලොකු අයට රු 100 ළමයි හිටියා 20 විතර ඉතින් ඔක්කොටම රැපියල් 4000ක් විතරනේ එයා කිවුවා ඔයාලා පෝලි‍මේ ඉන්න ඕන නෑ සල්ලි ටික එකු කරලා එයාලට රැපියල් 3000ක් දෙන්න ඉතිරි ටික ඔයාලා මොනවාහරි කරගන්න කියලා.. අපි එතකොටත් කට්ටියගෙන් රැපියල් 3000ක් විතර එකතු කරලා තිබුනේ ටික දෙනෙක් දීලත් නෑ පරක්කු වුන හිනන්දා අර නිළදාරියා ඇවිත් ඇහැව්වා තාම නැද්ද කියලා කීයද තියෙන්නේ කියලා අම්මා කිව්වා තියෙන්නේ 3000ක් කියලා ඊට පස්සේ එයාලා හදිස්සියේ හරි අපිට දෙන්‍නකෝ 2000ක් කියලා බලෙන් වගේ අරගෙන ඒක අනෙත් නිළධාරියාට දුන්නා ඊට පස්සේ අපිව ටිකට් නැතුවම ඇතුලට දැම්මා මටනම් බයකුත් දැනුනා හදිසියේ හරි ටිකට් චෙක් කරොත් එහෙම අනාතයිනේ. ඉතින් මේ හොරැ ටික දවසකට කීයක් මෙහෙම හොරාට ගන්නවා ඇතිද? සත්තු වත්තට මම හිතන්නේ දවසකට බර ගානක් වියදම යනවා. මේ අයට පඩියකුත් දෙනවා ඇතිනේ.. කවුරැ වුනත් මෙහෙම ගොඩක් කට්ටියක් එක්ක යද්දි පෝලිමේ ඉන්න බැරි කමට මේ වැඩේට කැමති වෙනව්.. අනික ලොකු ටීචට ගානකුත් අතට එනවනන් ඒත් මෙයාලා මේ ගන්න සල්ලි හරියාවිද?  මෙයාලා මේ කරන්නේ ඇත්තටම වංචාවක් නේද? ඇතුලේ ඉන්න සත්තුන්ට වඩා සත්තු මෙයාලා කියලයි මට හිතෙන්නේ... ඔයාලට

Friday, July 20, 2012

කලු උනත් ලස්සනයි... සුදු උනත් ලස්සනයි


ඉතින් යාළුවනේ මේ තමා ‍මගේ` දෙවනි පෝස්ටුව... 

මේ අප සමාජයේ වෙසෙන ගෑනු ළමයිගේ සුදු කළු භේදය.. 
අපි පෙර ආත්ම වල කරපු පින් පවු අනුවනේ මේ ආත්මේ උපදින්නේ... 

ඉතින් අපි උපදින කොටම අපිටම කියලා ආවේනික වූ ලස්සනක් අරගෙනයි එන්නේ... මේ ලෝකේ මම දකින් විදිහට කැතයි කියලා කෙනෙක් හොයාගන්න බෑ.. 
මොකද හැම කෙනටම ආවේනික වු ලස්සනක් තියනවා කියලයි මම හිතන්නේ.. අද සමාජයේ ගෑනු ළමයි මාර විදිහට උත්සහ කරන්නේ සුදු වෙන්න.. ගෑනු ළමයින්ට වඩා පිරිමි ළමයි උත්සහ කරනවා තමන්ගේ ගෑණු ළමයාව අනිත් අයට වඩා සුදු කරන්න. ඇත්තටම ඇයි කොල්ලනේ සුදු කෙල්ලෝ හොයන්නේ... 

මට හිතා ගන්න බෑ.. කොල්ලෝ තමන්ගේ සහකාරිය හොයන්නේ ඔක්කොටම කලින් අහන්නේ සුදු ද? කළුද කියලා.. 

අනේ ඉතින් අපේ මෝඩ කෙල්ලෝ රටේ නැති කීම් උලනවා සුදු වෙන්න. ඒවා එසේ මෙසේ ගණනුත් නෙවේ.. ලොකු ලොකු ගණන් දිලා ගන්නේ.. ඉතින් අපේ කෙල්ලෝ ඒවා ගාලා දවස් 3 සුදු වෙනවා... 

අවසනාවක මහත කියන්නේ ඒවා ගාලා අව්වේ යන්න බෑ.. දූවිලි වදින්න බෑ එහෙම උනොත් එහෙම තිබ්බ සුදත් ඉවරයි... 

අනේ ඉතින් මගේ අවාසනාවකටද මන්දා මම එහෙම මූණක් දැක්කා මට අනේ අපොයි හිතුනා....දැන් එළියටවත් බහින්නේ නැලු.... මම දකිද්දිත් සතියක් විතරලු... අයේනම් කවදාවත් කිසිම දෙයක් මුණේ උලන්නේ නැතිලු... 
 මම දකින විදිහට ඇත්තටම තමන්ට ආවේනික වූ සුද තියන් හිටියානම් මෙවැනි ඇබැද්දි වෙන්නේ නෑනේ... අපි කවුරැත් කළු නැ... කියලා හිතන් ජීවත් වුනානම් හරි.... මම නම් එහෙමයි ඉන්නේ..... එහෙම හොදයි නේද...


 කොල්ලනේ ඇත්තටම ඇයි සුදු කෙල්ලෝ හොයන්නේ....
 එකත් කියමුකෝ බලන්න එහෙනම්....



Sunday, July 15, 2012

බ්ලොග් ... පලමු පියවර

මේ ඩොටීගේ කතාවේ මංගල ‍දැක්මයි. කතාවක් තියනවනේ මුල අමතක කිරීම හෙද නෑ කියලා... ඉතින් පළමුව ඩොටිගේ කතාව තැනීමට අත හිත දුන් මාගේ ‍සහෝදර හිතවතා දේවා (දේවා‍ගේ අඩවිය) ඔබට මාගේ හදපිරි ස්තූතිය මෙලෙස පුද කරනු වගයි...  බ්ලොග් සම්බබන්ධව කිසිම දැනීමක් නොතිබු මා හට දේවාගේ අඩවිය කියූ විට බ්ලොග් එකක් සාදා ගැනීමට තිබුනේ පුදුම ආශාවකි. ඉතින් මම  එය දේවාට  පැවසිම පසු ඔහු මට.. කිසිම ගුරැ මුෂ්ටියක් නැතිව මා හට දැනුම ලබා දුන් දේවා ඔබට තව තවත් ඔබගේ දැනුම පොතට දැනුම වැඩිවේවා... ජීවිතය සාර්ථක වී අනාගතය සරැ වේවා... ඔබට සුභ අනාගතයක්...
ඇත්තටම මම බ්ලොග් ගැන නොදැන සිටි නිසා මේ පිලිබදව බොහෝ දැනුමක් නොමැති බැවින් අඩුපාඩු වේ නම් මා නිවැරදි කරනා මෙන් බ්ලොග් කියවන හැම දෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා..



ඩොටි කියන්නේ කවුද මොනවද කරන්නේ කියලා ඉස්සරහට කියන්න හිතාන ඉන්නවා..

මගේ ජිවිතේ මුහුන දුන්නු මම දැකපු දේවල් එක්කම එක එක විදිහේ කතාඅ එක්ක ඉස්සරහට මුන ගැහෙන්න ඔයාල ලගට එනකොට ඔයාලා මාව පිලි ගනිවි නේද?

මෙය ඩොටිගේ මංගල `පොස්ටුව නිසා දෝෂ ඇත්නම් සමාව භජනය කර සිටි....

අදින් පසුව විවිධාකාර වූ බ්ලොග් පොස්ට් සමගින් මුණ ගැසෙමු...

`හැම දෙනාටම ගොඩාක් ස්තුතියි.... බුදු සරණයි